නේපාල ජනාධිපතිනියට ජනපති මෛත්‍රීගෙන් සුභපැතුම්

(කොළඹ, ලංකාපුවත්) – නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය නැවතත් නේපාල ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

නේපාල ජනාධිපතිනිය වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමුකරමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජයත්, ජනතාවත් වෙනුවෙන් එතුමිය වෙත සිය සුබපැතුම් පිරිනමා ඇත. නේපාල පාර්ලිමේන්තුව විසින් බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය නැවතත් නේපාල ජනාධිපති ධුරයට තෝරාපත් කර ගැනීම එතුමිය කෙරෙහි තබා ඇති අතිශය විශ්වාසය පිළිබිඹු කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මියගේ නායකත්වය යටතේ නේපාල රජයත්, ජනතාවත් යහපාලනය, සාමය සහ ආර්ථික ප්‍රගතිය උදෙසා වූ බලාපොරොත්තු පරිපූර්ණ කරගැනීමට සමත්වනු ඇති බව සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ ‍ෙන්පාලය අතර ශත වර්ෂ ගණනාවක් පුරා පවත්නා සංස්කෘතික, අධ්‍යාපනික සහ ආගමික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට එතුමිය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *