අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදය අප්‍රේල් 04වනදා

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04වනදා විවාදයට ගන්නා බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත.

අද(22) දහවල් 12.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *