සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම් වැඩි කරගැනීමට වැඩපිළිවෙල රැසක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ක්ෂේත්‍රයෙන් මෙරටට ලැබෙන ආදායම් වැඩි කරගැනීමට වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙසේ ද කියා සිටියේය,

“අපි සංචාරක ක්ෂේත්‍රයෙන් බලාපොරොත්තු වෙනවා නම් රටේ විදේශ විනිමය වැඩි කරගන්න.. එහෙම නම් එන සංචාරකයෝ ආරක්ෂා කර දීම අපේ උතුම්ම කාර්යයක් කර දීම තමයි අපි සැලකිය යුත්තේ.. කැමරා එහෙම හයි කරන්න පුළුවන් නම් වෙරළාසන්න ප්‍රදේශවල අක්‍රමිකතා වෙනවා නම් ඒකේ මාර්ගය කියන එකට වගකිව යුත්තෝ කවුදැයි කියලා අල්ල ගන්න පුළුවන්… මේ එන සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා ලංකාවටම වැඩිම විදේශ විනිමය උපදවන ක්ෂේත්‍රයක් බවට සංචාරකයින්ගේ වැඩපිළිවෙල පරිවර්තනය කරගන්න..”

පොලිස් සංචාරක කෝට්ඨාස වෙත උපකරණ බෙදා දීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද අදහස් පළ කළා.

පොලිස්පති පූජිත් ජයසුන්දර,

“මෙරට සංචාරකයින්ගේ ආගමනයෙන් පසුගිය වසර තුනක කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන ඇත.. එසේම මෙම වසරේ අපේක්ෂිත සංචාරකයින්ගේ පැමිණිමත් මිලියන 2.5කට වඩා වැඩි අගයක් ගනු ලබන බවත් අපි තක්සේරු කරනවා… ඒ අනුව මෙරට සංචාරයක් සඳහා වීසා බලපත්‍රයක් ලබා තිබෙන සංචාරකයෙකු මෙරටට පැමිණි අවස්ථාවේ සිට සංචාරය අවසන්ව සිය රටවල් බලා පිටත්ව යන තෙක් අනතුරු හෝ අපරාධයන්ට ලක් නොවන ආරක්ෂිත පරීක්ෂණයක් නිර්මාණය කිරීම අපගේ අරමුණ හා මූලික වගකීමක් වියයුතුයි…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *