අමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජාතික ආරක්ෂක උපදේශක එච් ආර් මැක්මාස්ටර්ව ධුරයෙන් ඉවත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු වෙනුවට හිටපු ආරක්ෂක විශේෂඥයෙකු වන ජෝන් බෝල්ටන් පත්කර ඇති බව වාර්තා වේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප්, මැක්මාස්ටර්ගේ සේවයට ස්තූතිය පළකළ අතර ඔහු ඉතා විශිෂ්ට කාර්යභාරයක් ඉටුකළ බවද සඳහන් කර තිබේ.

බෝල්ටන් මාස 14 ක කාලයක් තුළ අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරට පත්වූ තුන්වැන්නාය. මින් පෙර ඔහු රොනල්ඩ් රේගන් , ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් සහ ජෝර්ජ් බුෂ් යන ජනාධිපතිවරුන් යටතේ කටයුතුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *