කෝටි 5ක විදෙස් මත්පැන් සමඟ අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මිල අධික විදේශීය මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(22) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත කොටහේන පොලිස් වසමේ කේ.සී.සිරිල්.සී.පෙරේරා මාවත ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම විදේශ මත්පැන් තොගයේ ෂැම්පේන් සහ වයින් බෝතල් 15,431 ක් තිබි ඇත.

මෙම මිල අධික විදේශීය මත්පැන් තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 05 කට ආසන්න බව තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

සැකකරු වයස අවුරුදු 44 ක් වු ආර්.ඒ.ද මාවත, කොළඹ 3 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + twenty =