බලතුලනය ආසියාව දෙසට- කලාපයේ වැදගත් රාජ්‍යයක් ලෙස අපේ රටේ ප්‍රතිපත්ති පිළිබඳව යළි සිතා බැලිය යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – අද වන විට ලෝකයේ බල තුලනය ආසියාව දෙසට දෝලනය වෙමින් තිබෙනවා. කලාපයේ වැදගත් රාජ්‍යයක් ලෙස අපේ රටේ ප්‍රතිපත්ති පිළිබඳව යළි සිතා බලන්න සිදුව තිබෙනවා. එය අපි නිවැරදිව වටහා ගන්නවා නම් අපේ රට හරි මාර්ගයට ගැනීමට අපට පුලූවන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සම්බන්ධතා පාඨමාලා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ දී ජාත්‍යන්තර සබඳතා පිළිබඳව හැදෑරීමේ ප්‍රමුඛ ස්ථානයක් වන ”බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ” සහතික පත්‍ර ප්‍රදානෝත්ස්වයට සහභාගි වීමට ලැබීම පිළිබඳම මගේ සතුට ප්‍රකාශ කිරීමට කැමතියි. මෙම මධ්‍යස්ථානය නොතිබුණේ නම් අපේ රටේ මෙතරම් ජාත්‍යන්තර විදේශ සබඳතා පිළිබඳව අධ්‍යාපනය ලැබූවන් නොසිටින්නට ඉඩ තිබුණා. පසුකාලීනව මෙවැනි තවත් ආයතන බිහි වුවත්, සිය කාර්යභාරය නිසි පරිදි ඉටු කරන්නේ ඉන් අතළොස්සක් පමණයි. ඒ බොහෝ ආයතනවල දී කලාපයේ සිදුවන සමකාලීන සිදුවීම් පිළිබඳවත් ඉගැන්වීමක් සිදු කරන්නේ නැහැ.

මෙම ආයතනය ආරම්භ කළ කාලයේ මා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියා. ඒ යුගයේ අපි ජීවත් වුනේ වෙනස්ම ලෝකයක බව කිව යුතුයි. වඩාත් පැහැදිලිව කියනවා නම්සි රිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරය තුළ ඉටු කළ කාර්යභාරය හේතුවෙන් ඒ වන විට අප රට ප්‍රසිද්ධියට පත්ව තිබුණා. ඒ වන විට ලෝක බලවතා අර්බුදයකට මුහුණ දෙමින් සිටියා. එනම්අ මෙරිකා එක්සත් ජනපදය සහ එකල සෝවියට් සංගමය ලෙස හැදින්වූ රුසියාව අතර සීතල යුද්ධයක් ඇති වෙමින් තිබුණා.

අපි නිදහස ලබා ගැනීමෙන් පසු අප ස්වාධීන රාජ්‍යයක් ලෙස අපේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව තිබුණා. පළමුව ආසියානු බලවතුන් සහ කොළඹබලවතුන් ලෙස බැන්ඩුං සමුළුව දක්වා අපි ගමන් කළා. ඊට පසුව ඇෆ්රෝ – ආසියානු සමුළුව සහ 1960 ගණන්වල දී නොබැදි ජාතීන්ගේ සමුළුව දක්වා අපි ගියා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළා.

ඉන් පසුව බලයට පැමිණි ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස මම කටයුතු කරන විට නොබැදි ව්‍යාපාරය අකර්මන්‍යව පැවතුණා. අපි ලෝක බලවතුන් දෙදෙනා වටා රොක් වී ආයුධ හරඹයක නිරත වුණා. අපේ කාර්යභාරයන් වෙනස් වුණා. ඒ අනුව මීට වසර 40 කට පෙර අපි ජීවත් වුණු ආකාරය ගැන ඔබට සිතා ගත හැකියි.

අද වන විට ලෝකයේ බල තුලනය ආසියාව දෙසට දෝලනය වෙමින් තිබෙනවා. කලාපයේ වැදගත් රාජ්‍යයක් ලෙස අපේ රටේ ප්‍රතිපත්ති පිළිබඳව යළි සිතා බලන්න සිදුව තිබෙනවා. එය අපි නිවැරදිව වටහා ගන්නවා නම්
අපේ රට හරි මාර්ගයට ගැනීමට අපට පුලූවන්.

1989 දී සෝවියට් සංගමය බිඳ වැටෙන විට ලෝකයේ බලය තනි බලවතෙකු ලෙස සිටි එක්සත් ජනපදයේ ආධිපත්‍යයට නතු වනු ඇතැයි ලෝකයේ බොහෝ රටවල් සිතුවා. යුරෝපය සහ ජපානය වැනි රටවල් වලට ද එසේ වුණා.
අමෙරිකාව හා චීනය අතරත් සබඳතා තිබෙනවා. ඒ වගේම රුසියාව අමෙරිකා එක්සත් ජනපදයට පසුගාමී රටක් වුණා. ඒ කාලයේ විදේශ ප්‍රතිපත්ති වල් වැදී තිබුණා. බොහෝ රවටල් හෙන්රි කිසිංගර් වැනි නායකයින්ගේ මග අනුගමනය කරනවා වෙනුවට ඝොල්ඩ්මන් Sඅච්ස් කණ්ඩායම කී දේ අනුගමනය කළා. සමස්ත ලෝකය ඹ්ර්‍ඓCS රටවල් අතට පත්වන බව ඔවුන් කිව්වා. එනම්, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් අතට පත්වන බවයි. අපේ විදෙස් ප්‍රතිපත්තිය තුළ අප කළ විශාලතම වරද නම් ඝොල්ඩ්මන් අච්ස් අනුගමනය නොකිරීමයි.

2009 ඇති වූ ප්‍රබල මුල්‍ය අර්බුදයෙන් බටහිර රටවලට දැඩි බලපෑම් එල්ල වුණා. ඒත් චීනය, ඉන්දියාව හා ජපානය වැනි රටවල් එයින් නොසැලී සිටියා. ඒ අනුව බලන කල ලෝකය විපර්යාස වෙනසකට භාජනය වන බව පේනවා. අවාසනාවකට වගේ අපේ රටේ සමස්ථ අවධානය යොමු වුණේ දරුණු යුද්ධය නිමා කරන්නයි.

ඉන් අනතුරුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදිය සම්බන්ධයෙන් අපට කටයුතු කිරීමට සිදුවුණා. ඒ අයුරින් අපි ජාත්‍යන්තර සබදතා ගොඩනගා ගනිමින් කටයුතු කළා. 2015 වසර අපගේ විදේශ ප්‍රතිපත්තියට වැදගත් වසරක් වුණා. අපිට අපේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ ගැටලූවට විසඳුම් සෙවීමට හැකිවුණා. අපි එකඟතා වලට පැමිණියා. ගැටළුව තිබෙන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනුයි. එය ක්‍රමයෙන් සහ ඉතා සෙමින් සිදුවිය යුත්තක්. ඒ අනුව ඔවුන් අපිට ලෝකය දෙස නැවත බැලීමට ඉඩ ලබා දුන්නා. නව ආසියාව සමග අපේ සබදතා ගොඩනගා ගන්නට හැකිවුණා. අද නව ආසියාව බිහිවන්නේ චීනය කේන්ද්‍රකොටගෙනයි.නමුත් බොහෝ දෙනා ගේ බලාපෙරොත්තුව වුයේ 1980, 90 ගණන්වල ජපානය එම තත්ත්වයට පත් වනු ඇති බවයි. අද ජනාධිපති ට්‍රම්ප් චීනයට එරෙහි තීරුබදු පනවනවා වගේම එදා ජනාධිපති රේගන් ජපානයට එරෙහිව බදු පැනෙව්වා. චීනය සිය ගමන ආරම්භ කළා. චීනය ලෝකයේ කිකම්හලකි ලෙසයි හැදින්වෙන්නේ. එය පුදුමාකාරයි. මම 1979 දී චීනයට ගිය අවස්ථවේ සියලූම රට වැසියන් ගමන් කළේ බයිසිකල්වල. අපේ දූත මණ්ඩලයට පමණයි රතු
කොඩි ලෙලදෙන සුඛෝපබෝගී කාර් ලැබුනේ. බොහෝ දෙනෙක් මාවෝ සේතුංට අනුව පයින්ම තම ගමන් බිමන්වල යෙදුනා. අප නැවතී සිටියේත් රජයේ ගිමන්හල්වලයි. එදා චීනයේ හෝටල් තිබුණේ නෑ. එදා චීනය අද ඔබට හිතාගන්න බැහැ. ඒත් අද මම එහි යන විට මට හරි සතුටුයි. වෙළඳපොල ආර්ථිකයක් වෙනුවෙන් වූ චීන ප්‍රතිපත්තිය ඔවුන්ගේ සමාජවාදී ක්‍රමය තුළ ජයග්‍රහණය අත්කර ගත්තා. එහි තිබෙන්නේ චීන චරිත ලක්‍ෂණවලින් යුතු සමාජවාදය. එහි තිබෙන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂය සහ ධනවාදය බව අනෙක් රටවල් පවසනවා.

කෙසේ හෝ අද චීනය සුපිරි බලවතෙකුගේ තත්ත්වයට පැමිණිලා තිබෙනවා. ඉන්දියාවත් යම් තත්ත්වයකට පැමිණ සිටිනවා. එහි සේවාවන් සහ අපනයන අතින් ගත්කළ විශේෂයෙන් බටහිර ඉන්දියාව නවෝත්පාදන සදහා ප්‍රසිද්ධයි. මහාරාෂ්ඨ සිට ගුජරාටි ප්‍රාන්තය දක්වා නව නිපැයුම් දක්නට ලැබෙනවා. බෙහෙවින්ම නව නිපැයුම් කෙරෙහි උනන්දු වුණු එහි මහ ඇමති අදඉන්දියාවේ අගමැති බවට පත් වී තිබෙනවා. ඊලඟට ජපානය අනෙක් වැදගත් රටයි. මෙම රටවල් තුන තමයි අද ලෝකයේ ප්‍රබල වෙමින් සිටින්නේ. මීට වසර 40 කට පෙර ලෝනයේ රටවල් යුරෝපය හෝ එක්සත් ජනපදය වෙත නැඹුරු වූ ආකාරයට අද වන විට ලෝකය ආසියාව වෙත නැඹුරු වී සිටිනවා.

මේ පසුබිම තුළ අප ඉතා වාසනාවන්ත වී තිබෙනවා. අපි අපේ ප්‍රතිපත්ති, සම්පත්, ශක්තීන් තව තවත් මුවහත් කළ යුතුයි. අපි ඉන්දියාව, ජපානය, චීනය සමග වසර 70 කට වඩා පැරණි සබඳතා ගොඩනගා ගෙන තිබෙනවා. ඉන්දියාව සමඟ එරට නිදහස දිනාගත් දින සිට සබඳතා ගොඩ නගා ගෙන තිබෙනවා. චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළ ප්‍රථම ආසියාතික රට බවට අප පත්ව සිටිනවා. අමෙරිකානු සම්බාධක හමුවේ වුවත් ජපානය සමගත් අපි සබඳතා ගොඩනගා ගනිමින් ඔවුන් සමග සාම ගිවිසුමක් අත්සන් තැබීමට අපි ඉල්ලා සිටිනවා. බොහෝ රටවල් විසින් ඉල්ලා සිටීමට බියෙන් පසුවන ඉල්ලීමක් අපි ඉල්ලා සිටියා. ඒ අපේ විදෙස් ප්‍රතිපත්තියයි. අපේ කලාපයේ කිසිම රටකට මෙවැනි සබඳතා තිබෙනු ඇතැයි මා සිතන්නේ නැහැ. අපි ඒ හැකියාව ආරක්‍ෂා කර ගත යුතුයි. ඒ එක් එක් සබඳතා ස්වාධීන
සබඳතා බව කිව යුතුයි. අපි කිසි විටෙක එක් රටකට එරෙහිව අනෙක් රට සමග සබඳතා ගොඩනා ගැනීමට උත්සාහ නොදැරිය යුතුයි. ඔවුන් එකිනෙකා බොහෝ සමිප රටවල්. අපි ඒ සබඳතාවලට අභියෝග නොකළ යුතුයි. මේ යන ආකාරයට ඉදිරියට ද ඒ රටවල් සමග කටයුතු කළ යුතුයි. 2030 වන විට ඉන්දුනීසියාව පොහොසත් ආර්ථිකයක් හිමි රටක් බවට පත් වෙනවා. මැලේසියාව, තායිලන්තය, වියට්නාමය වගේම දකුණු කොරියාවත් ඒ ගමනට එකතු වන කොටස් කරුවෙක් වෙනවා. ඒ වගේම උතුරු කොරියාවත් අමතක කළ යුතු නැහැ. ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු කොරියා ජනාධිපති හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

මැද පෙරදිග කලාපය පිළිබඳව එදා තිබූ බර අද වන විට අඩු වෙමින් තිබෙනවා. මැදපෙරදිග හා බටහිර ආසියාව වෙතින් ඒ බලය බිඳී අද එය දකුණු හා නැගෙනහිර ආසියාව දෙසට යොමු වෙමින් තිබෙනවා. ප්‍රධානතම දේශපාලනික සබඳතා ත්‍රිත්වය එයයි. එනම් කලාපයේ ප්‍රමුඛතම බලවතුන් තිදෙනා. ඒ ගැන ඔබ දැනගෙන හිටියා නම් ඔබට මූලික දේශපාලනික සබඳතා පිළිබඳව දැනුවත් භාවය තිබෙනවා.

දෙවැනුව අපි ජීවත් වන්නේ මේ වන විට වැදගත් වෙමින් පවතින කලාපයකයි. බොහෝ කාලයක් තිස්සේ ඉන්දීය සාගරය නොසලකා හැර තිබූ කලාපයක්. අද එය වැදගත් වෙලා තිබෙනවා. අපේ රට එහි මූලෝපායික වශයෙන් වැදගත් පිහිටීමක් ලබා තිබෙනවා. මෙම කාරණා දෙක අපේ රටේ විදේශීය ප්‍රතිපත්තිය තීරණය කිරීමේ සුවිශේෂී සාධක දෙකක් බවට පත්වී තිබෙනවා. එනම්
ආසියාවේ අපට ඉටු කළ හැකි කාර්යභාරය අති විශාලයි. තම හමුදා බලය හා ආර්ථික ශක්තිය තහවුරු කිරීමට මේ රටවල් ත්‍රිත්වය ඉන්දියානු සාගරයේ තරග කරමින් සිටිනවා. අපි එම රටවල් සමග සබඳතා ගොඩනගා ගනිද්දී ඒ ඒ රටවල් අතර පවතින තරගය අවබෝධ කොට ගෙන ඒ ගැටුමට මැදිහත් නොවීමටත් වගබලා ගත යුතුයි.

චීනයේ එක් තීරයක් – එක් මාවතක් සංකල්පය හා ක්‍රියාමාර්ගය හමුවේ අපි එහි හවුල්කරුවෙකු බවට පත් වුණා. එවකට ජනාධිපති රාජපක්‍ෂ මහතාඑයට සම්බන්ධ වීමට එකඟතාව පළ කර තිබුණා. ඉන් අනතුරුව වර්තමාන ජනාධිපතිතුමන් ද එය යළි තහවුරු කළා. එක් තීරයක් – එක් මාවතක් නැමැති වැඩසටහන කුමක්ද? අපි අපේ රට චීනයට විකුණලා ද? අපි ඒ රටවල් ත්‍රිත්වයේ උගුලකට හසු වෙලාද? මම ඔබට ඒ ගැන කියන්නම්. චීනයේ එක් මාවතක් – එක් තීරයක් ක්‍රියාමාර්ගය සිය සංවර්ධන කටයුතු වෙනුවෙන් චීනය වෙත ආධාර ලබා ගැනීමේ මාර්ගයක්. එය වර්තමාන ජනාධිපතිතුමා අතින් ක්‍රියාත්මක වන චීනයේ ආර්ථිකය ආසියාවේ බලවත් ආර්ථිකය බවට පත් කිරීමේ වැඩපිළිවෙළක ආරම්භයයි. මම නිරිත දිගආසියාව හා යුරෝපය සංසන්දනය කරන්නේ නැහැ. ඇත්තටම චීනය ප්‍රයෝජනයට ගත්තේ රික්තකයක්ව තිබූ ඉඩයි. වෙන කාටත් මෙහි වුවමනාවක් තිබුණේ නැහැ. මෙම සංවර්ධන කාර්යය දැවැන්ත ව්‍යාපෘතියක්වෙනවා. චීන රජය මෙම ක්‍රියාමාර්ගයේ හැරවුම් ලක්‍ෂයයි. එය වෙන කිසිම රටකින් බලාපොරොත්තු විය නොහැකියි. මෙම ක්‍රියාමාර්ගය ඔවුන්ගේ පද්ධතියේම කොටසක්. සිය නායකත්වය මත අනෙක් රටවලට එහි හවුල්කාරීත්වය ලබාගැනීමට හැකියාව තිබෙනවා. අපේ කලාපයේ තිබෙන රටවලට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැකි වී තිබෙනවා.

අපේ රට මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? හම්බන්තොට චීනයේ නාවුක මූලස්ථානය බවට පත් කිරීමට අපි ඉඩ දුන් බව බොහෝ දෙනෙක් චෝදනා කරනවා. නැහැ. ඇත්තටම සිදු වූයේ එය නොවෙයි. ඇත්තම අපි කළේ වරාය අධිකාරියත්, චීන සමාගම් සමගමත් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ගිවිසුමකට එළැඹිමයි. අපි ඩොලර් බිලියන 1.4 ක් පමණ වියදම් කර තිබෙනවා. එය ගෙවීමට අපට නොහැකියි. ඒ නිසා හම්බන්තොට වරාය වාණිජ පහසුකම් සැලසීම වෙනුවෙන් යොදා ගැනීම සඳහා සංවර්ධනය කළ යුතුයි. ඒ සමගම චීනය කර්මාන්තපුරයක් ආරම්භ කිරීමේ කටයුතු ද එහි සිදු වෙනවා.

ආරක්‍ෂාව පිළිබඳව ගත් කල හම්බන්තොට වරාය ආශ්‍රිත ආරක්‍ෂක සේවාවන් මෙහෙය වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනුයි. අපිට එහි ආරක්‍ෂක කටයුතු මෙහෙය වීමට තව මුදල් වැය කොට ස්ථම්භයක් ඉදිකිරීමටත් සිදු වෙනවා.
ගාල්ල හා තංගල්ල ප්‍රදේශයේ ස්ථම්භය අපි හම්බන්තොටට ගෙන එනවා. චීන හමුදා හම්බන්තොට එනවාදැයි ජනතාව විමසනවා. එතැන තිබෙන්නේ එක් හමුදා ඒකකයක් පමණයි. අපි ඒ කාර්යයන් ඉටු කරනවා නම් ඔවුන් කැමැත්තෙන් ආරක්‍ෂක කටයුතුවලින් ඉවත් වේවි. එහෙත් අපට එය කළ හැකිද? එසේ නම් ඒ ගැන කතා කරන්නේ ඇයි? අනෙක් කාරණය නම් මත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කර ගෙන යාමට ඉන්දියානු සමාගමක් සමග සාකච්ඡා කරන්නේ මන්දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. ඒ සඳහා සරල පිළිතුර නම් අපට තනිවම ගුවන් තොටුපොළට යානා ගෙන්වා ගැනීමට තිබෙන අපහසුතාවයයි. එයට විසඳුමක් ලෙස ඉන්දියාව සතුව වැඩපිළිවෙළක් තිබුණා. ඒ අනුව එම වැඩපිළිවෙළට අප එකඟ වුණා. මේ හරහා අපට ගුවන් යානා ගෙන්වා ගෙන අපේ ගුවන් තොටුපොළ කාර්යබහුල ගුවන් තොටුපොළක් බවට පත් කර දිගු කාලීනව එය ලාභ ලබන තත්ත්වයට ගෙන යා හැකියි. එම ගුවන් තොටුපොලේ ආරක්‍ෂාව බාරව තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටයි.

අපි අද සිදු කරමින් සිටින්නේ හම්බන්තොට වරායට, ගුවන් තොටුපොළ සංවර්ධනයට යටිතල පහසුකම් සැපයීමයි. අපි අපේ අපක්‍ෂපාතීත්වය සහ මිත්‍ර සබඳතා පවත්වා ගෙන යන තුරු බිය වීමට අවශ්‍යතාවක් නැහැ. අපි නිරතුරුව කියන්නේ අපේ සියලූම රජයන් අනුගමනය කරන්නේ ආර්ථික මිත්‍රශීලී විදෙස් ප්‍රතිපත්තියක් බවයි. නමුත් අපි අපේ ආරක්‍ෂාව පිළිබඳව සැලකීමේ දී ඉන්දියාව සමග විශේෂ සබඳතා ගොඩනා ගෙන තිබෙනවා. ඒ අනුව අපි ඉන්දියාවේ ආරක්‍ෂාවට හෝ ඔවුන් අපේ රටේ ආරක්‍ෂාවට හෝ තර්ජනයක් වන සබඳතා ගොඩනගා ගැනීමෙන් වැළකී සිටිනවා. එම රාමුව තුළ අපේ ගමන සාර්ථකයි. ඉන්දියාවත්, ජපානයත් අපේ රටේ වරායන් සංවර්ධනය කිරීමට ඉදිරිපත් වෙනවා. මක්නිසාද, අනාගතයේ දී ඉතා වැදගත් වන්නේ වරායන් වීමයි. මේ හරහා ඉන්දියානු සාගරයේ නාවික සංක්‍රාන්තික කේන්ද්‍රස්ථානය බවට පත් වීමට අපිට හැකි නම් එය අපේ රටේ දියුණුවට
මඟපෑදීමක් බව කිව යුතුයි. අපේ සංවර්ධන කාර්යය සඳහා ඉන්දියාව, චීනය හා ජපානය යන රටවල හවුල්කාරීත්වය අපට ලැබෙනවා.

දෙවැන්න වෙළෙදාමයි. කලාපය අතින් ගත් කල මේ වන විට ප්‍රධාන ගිවිසුම් දෙකක් ඇති වෙමින් තිබෙනවා. පළමු වැන්න නම් කලාපයේ ආර්ථික විස්තීරණ හවුල්කාරීත්වයයි. එය ඉන්දියාවේ සිට ජපානය දක්වා විහිදෙනවා. එය මේ වන විට අවසන් අදියරේ සාකච්ඡා වෙමින් තිබෙනවා. එම හවුල්කාරීත්වය ඉදිරි වසර 5, 10 හෝ 15 තුළ ක්‍රියාත්මක වනු ඇති. එම ගිවිසුම ක්‍රියාත්මක වූ වහා අපි එහි හවුල්කාරීත්වය ගන්නවා. එමගින් අපි වෙළෙඳ සංගමයට හවුල් වෙනවා. මේ හරහා ඉදිරි වසර 10 අපගේ දේශීය සමාගම් සහ ව්‍යාපාරිකයන්ට තරගකාරී මඟට අවතීර්ණය වීම සඳහා හොඳටම ප්‍රමාණවත් බව කිව යුතුයි. මීළඟට වැදගත් වන්නේ ට්‍රාන්ස් පැසිපික් හවුල්කාරිත්වය. එයට ඇමරිකා එක්සත් ජනපදය හවුල් වන්නේ නැහැ. එයින් කියවෙන්නේ ආසියාවේ සහ පැසිපික් කලාපයේ තමන් පිළිබද විශ්වාසයක් ඇති රටවලට ඇමරිකාවේ සහාය නොමැතිව නැගී සිටීමේ අවස්ථාව ඇති බවයි. එයට ඉන්දියාව හෝ චීනයත් සම්බන්ධ වෙන්නේත් නැහැ. එය ආසියාවේ ශක්තිය කියා පෑමක්. මේ හරහා අප රට කැනඩාව, මෙක්සිකෝව වැනි උතුරු ඇමරිකානු රටවල් සහ චිලී රාජ්‍ය වෙතත් පිවිසීමේ අවස්ථාව උදා කරගන්නවා. ඒ හරහා විශාල වෙළෙඳ පොළක් අප වෙනුවෙන් විවෘත වෙනවා.

අවසාන කාරණය නම් ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වන හමුදා බලයයි. එක යුගයක එහි ඉන්දියාව බලවත්ව සිටියා. ඉන් අනතුරුව ඇමරිකාව. අද එහි බලාත්මක වී සිටින්නේ චීනයයි. චීනයේ එක් තිරයක්. එක් මාවතක් ක්‍රියාමාර්ගය හරහා ඔවුන් අනෙක් රටවල අවධානය දිනා ගැනීමට සමත් වී සිටිනවා. චීනය එම රටවලට තර්ජනයක් වීමට යනවා. ජපානය එහි බලය කාලයක් අල්ලාගෙන සිටියත් එය වැඩි කාලයක් පවත්වා ගැනීමට ජපාන රාජකීය හමුදාවට බැරිවුණා. 1942දී ලෝක යුද්ධයේ මැද භාගය වන විට ඔවුන්ට එය අත්හැරීමට සිදුවුණා. චීනයේ නාවික ශක්තිය මෑත කාලීනව ඇති වූවක්. මලක්කා මුහුද පසුකර ඉන්දියාව වෙත ප්‍රවේශ වීම ඔවුන්ට අසිරු කටයුත්තක්. චීනයට අඩු තරමේ අවුරුදු 20 – 30 ක හෝ නාවික හමුදා ඉතිහාසයක් තිබිය යුතුයි. චීනය සතුව ප්‍රහාරක යානා තිබුණත් එය පහසු කාරණයක් නොවෙයි. චීනය ඉන්දියානු සාගරයේ අධිපතීත්වය පිළිබඳව කරදර වෙනවා.

අපිට පුළුවන් නම් ඉන්දියානු සාගරයේ නිදහස් නාවික ගමනාගමන ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න. බරපතල අර්බූදයක් එයින් සමනය කිරීමට ඉඩ ලැබෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩුවත් එම අවස්ථාව ලබා ගැනීමට උනන්දු වෙනවා. එමගින් සෑම පාර්ශවයකටම සාකච්ඡා කිරීමේ හැකියාව ලැබෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව මැදිහත් වීමෙන් ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට අපට හැකි වෙනවා.

සාර්ක් සංවිධානය ක්‍රියාත්මක වෙන්නේ ඉතා පහළ මට්ටමකින්. ශ්‍රී ලංකාවවැනි රටවල් කලාපීය අනෙක් රටවල් සමග සාකච්ඡා කිරීමේ මාර්ගයක් ලෙස සාර්ක් වැනි එකමුතුවක් උපයෝගි කොටගත යුතුයි. කෙසේ හෝ ඉන්දියාවත්, පකිස්ථානයත් සිය ද්විපාර්ශවික ගැටුම් නිමා කිරිමට කටයුතු කළ යුතුයි. එය අපට කළ නොහැකියි. ඒ ආකාරයට කෙසේ හෝ එකමුතුකම පවත්වා ගත යුතුයි.
බෙංගාල බොක්ක ආශ්‍රීත කලාපයද වැදගත් වෙමින් පවතිනවා. මේ හරහා බංගලදේශය, තායිලන්තය සහ මැලේසියාවේ නැගී ඒමත් සිදු වෙනවා. මේ ආකාරයට බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයද වැදගත් වෙනවා.

අපි බොහොමයක් රටවල් සමග සබඳතා වර්ධනය කර ගනිමින් සිටිනවා. අපේ සාම හමුදාවත් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාව, යුරෝපය සමග පවා අපේ සබදතා වර්ධනය වෙමින් පවතිනවා. ආසියාවේ ඉතා වැදගත් කලාපයේ කේන්ද්‍රගතව අපේ රට පිහිටා තිබීම නිසා මෙම පසුබිම පිළිබද අවබෝධයෙන් යුතුව අපගේ විදේශ ප්‍රතිපත්තිය වගේම, වෙළෙඳ ප්‍රතිපත්තයත් සකසා ගත යුතුයි. අපි ඉන්දියාව, චීනය හා ජපානය සමඟ යහපත් සබඳතා ගොඩනගා ගත්තද සියලුම වෙළෙඳ ශේෂයන් එම රටවලට වාසි සහගත අයුරින් පමණයි සිදුවෙන්නේ. අපි තව තවත් ආයෝජන ගෙන්වා ගැනීමටත් , සංචාරකයින් ආකර්ශණය කර ගැනීමටත්, අපනයන වැඩි වැඩියෙන් සිදු කිරීමටත් වග බලා ගත යුතුයි. ඒ අනුව මේ වන විටත් ඔබ ආසියාව වෙත අවධානය යොමු කර නොමැතිනම් වහ වහා ආසියාව වෙත නැඹුරු වී අපගේ අපනයන වැඩි කිරීමට කටයුතු අවධානය යොමු කරන ලෙස මම ඔබට පවසනවා. අප රජය දැනටමත් චීනය, ඉන්දියාව, හා ජපානය සමග එළඹඇති ගිවිසුම්වලින් හා ඉදිරියට අවතීර්ණ වන කලාපීය හවුල්කාරීත්වයන් හරහා ඉදිරියේදී ඉන්දීය සාගරයේ ඇති වන දිදුලන සංවර්ධනයේ හවුල් කරුවෙකු වන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =