කොළඹ වරාය ට ඉහළ තැනක්

(කොළඹ, ලංකාපුවත්) – ලොව විශිෂ්ටතම සම්බන්ධිත වරායන් අතර 13 වන ස්ථානයට කොළඹ වරාය පැමිණ ඇත.

විශිෂ්ටතම සම්බන්ධිත වරායන් අතර කොළඹ වරායට මීට පෙර හිමිව තිබුණේ 18 වන ස්ථානයේය.

2017 වසරේ අවසන් මාස කිහිපයේ දී වරායන් 5ක් අභිබවා ඉදිරියට පැමිණීමට කොළඹ වරායට හැකිව තිබේ.

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා සිටියේ මෙම වසර අවසානය වන විට බහලු මෙහෙයුම් මිලියන 7 ඉක්මවීමට අපේක්ෂා කරන බවය.

කොළඹ වරාය ජාත්‍යන්තරය තුළ ඔසවා තැබීමට සුදුසු ඉදිරි පියවර නිර්මාණය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ සඳහා කොළඹ වරාය හා සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් යුතුව නව නැව් සේවා කොළඹ වරාය වෙත ආකර්ශනය කර ගැනීමට ද කටයුතු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *