කෝටි දෙකක මැණික් සමග චීන ජාතිකයෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් මැණික් තොගයක් සමග චීන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩ බලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, හොංකොං සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අද(26) අලුයම එම චීන ජාතිකයාව අත්අඩංගුවට ගත් බව ය.

චීනයේ ෂැංහයි නුවර සිට සී.එක්ස්.611 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.25ට පමණ අදාළ චීන ජාතිකයා ගුවන් තොටුපොළට පැමිණ ඇති බව සදහන් වේ්‍

කැරට් 68යි දශම 87ක බරින් යුත් කපා ඔප දැමූ මැණික් ගල් 12ක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජබීර් මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *