මෙරට ආයෝජනවලට හොද අවස්ථාවක් හිමිව ඇතැයි අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –සංවර්ධන ක්‍ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට හොඳ අවස්ථාවක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ විශේෂ රැස්වීමකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ධුරය වසර 14කට පසුව ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඒ සඳහා පත්ව සිටින්නේ රුවන් එදිරිසිංහ මහතා ය. නව සභාපති ධුරය භාර ගැනීම සහ විධායක කමිටු රැස්වීම කොළඹ දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කියා සිටියේය,

“වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව ලැබීම ගැන සතුටුයි. සංවර්ධන කේෂ්ත්‍රයේ දී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට හොඳ අවස්ථාවක් තියෙනවා. ආසියා පැසිෆික් වෙළෙඳ කලාපය තුළ හොඳ ව්‍යාපාරික අවස්ථා අපට හිමිව තිබෙනවා. ඉදිරි වසර 10 තුළ ආසියා කලාපයේ රටවල් එකිනෙකට සමාන්තරව එකිනෙකා පරයමින් වෙළෙඳපොළ සංවර්ධනයක් තරඟකාරී ලෙස සිදුවනු ඇති. එය යුරෝපය වගේ තනි වෙළෙඳපොළක් වන්නේ නැහැ. තරගකාරී විවිධත්වයෙන් යුත් වෙළෙඳපොළක් වේවි. අපි ඊට එක්විය යුතුයි. බංග්ලාදේශය, පකිස්තානය, නේපාලය, භූතානය, මාලදිවයින මේ රටවල් සමඟ තරගකාරී වෙළෙඳපොලක් නිර්මාණය කළ යුතුයි. ආසියා කලාපය තුළ ශ්‍රී ලංකා වෙළෙඳපොළ පුළුල් වීම තුළින් විදේශ ආයෝජකයන් මෙරටට ගලා ඒවි. ඒ තුළ අපට හොඳ ආයෝජනයන් කළ හැකියි.”

සාර්ක් කලාපයේ පෞද්ගලික අංශය නියෝජනය කරන මව් ආයතනය ලෙස සාර්ක් වාණිජ මණ්ඩලය කටයුතු කරනු ලැබේ. වෙළෙඳ, සේවා, කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ද සිදු කෙරේ. එමගින් දකුණු ආසියා ව්‍යවසායකයින් අතර ශක්තිමත් ව්‍යාපාර සහයෝගීතාවත් නිර්මාණය කිරීමට හැකියාව පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + twenty =