අපරාධ රැල්ල මැඩීමට විශේෂ කාර්යය බලකා සහාය

(කොළඹ, ලංකාපුවත්) – දිනෙන් දින වැඩිවෙමින් පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය.

ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආවරණය වන ආකාරයෙන් සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් යුතු විශේෂ කාර්යය බලකා නිලධාරීන් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇතැයි ද මාර්ග බාධක යොදා ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන් ම පොලිසිය හා එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද එම්.ආර්. ලතීෆ් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *