(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආරුක්කු නවයේ පාලම අසලදී කොළඹ සිට බදුල්ල දක්වා පැවති රාත්රී තැපැල් දුම්රිය අනතුරට භාජනය විය. මෙම ස්ථානය නිරීක්ෂණයට ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතීඥ ඇම්.පී.ජයසිංහ මහතා පැමිණ ඒ පිළිබඳව කරුණු විමසා බලන ලදී.
මේ වන විට දුම්රිය අළුත්වැඩියා කර රැගෙන ගොස් තිබු අතර දුම්රිය මාර්ගය ද අලුත්වැඩියා කර ඇත. මේ පිළිබඳව දෙමෝදර දුම්රිය ස්ථානාධිපති ජී.ජේ.දර්ශන මහතාගෙන්ද කරුණු විමසා බලන ලදි. මෙම ස්ථානයට විදේශ සංචාරකයන් රැසක් පැමිණ සිටි අතර ඔවුන් සමඟ ද සුහද කතා බහක යෙදුන ආණ්ඩුකාරවරයා ආරුක්කු නවයේ පාලමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුකම් පිළිබඳවද සොයා බලන ලදී.
මෙම පාලම බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයට ආසන්නව පිහිටා ඇත. කඳු ශිඛර දෙකක් යා කරමින් කර ඇති විශිෂ්ඨ නිර්මාණයකි.
දිග අඩි 300 කින් හා පළල අඩි 25ක් සමන්විතය උස අඩි 80-100 අතර වේ. විශිෂ්ඨ ඉංජිනේරු නිර්මාණයක් වන මෙම පාලම නිමවා ඇත්තේ ගල් ආරුක්කු වලිනි, මෙම ස්ථානය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් රැසක් දෛනිකව පැමිණේ.