යොවුන් පුරය හෙට ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – යොවුන් පුරය 2018 හෙට (28) නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතය.

රටපුරා සිටින තරුණ තරුණියන් 7000කට පමණ මේ සඳහා එක්වන බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා සඳහන් කළේය.

මෙවර යොවුන්පුරය අප්‍රේල් මස 01වන දක්වා පැවැත්වෙන අතර තරුණ තරුණියන් සඳහා පෞරුෂ වර්ධන වැඩසටහන් රැසක්ද නායකත්ව පුහුණු වැඩසටහන් ද එම දින කිහිපයේ පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *