ව්‍යාජ ප්‍රවෘත්තියක් නම් වසර 10ක සිර දඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යාජ ප්‍රවෘත්ති ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එවැනි ප්‍රවෘත්ති ප්‍රචාරය කරන අයට වසර 10ක සිර දඬුවමක් පැනවීමට මැලේසියානු රජය සූදානම් වේ.

ව්‍යාජ ප්‍රවෘත්තිවලට එරෙහි නව පනතක් මගින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට මැලේසියාව සැරසෙන අතර, මේ යටතේ යම් අයෙකු ඊට වරදකරුවෙකු වුවහොත් අමෙරිකා ඩොලර් 128,000ක දඩයකට හෝ වසර 10ක සිරදඬුවම හෝ ඒ දඬුවම් දෙකටම යටත් කිරීමේ අවකාශය අධිකරණයට හිමිවේ.

මෙම පනත ඊයේ (26) මැලේසියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ, තවත් සති කිහිපයකින් එරට මැතිවරණයක් පැවැත්වීමට සූදානම් අවස්ථාවේදීය.

කෙසේ වෙතත්, මේ වනවිටත් මෙම නව පනතට එරෙහිව දැඩි විරෝධයක් මතුව ඇති අතර, විශේෂයෙන්ම එරට ආණ්ඩු විරෝධී මතය යටපත් කිරීම සඳහා පාලක පක්ෂය ගෙනා පනතක් බවට චෝදනා නැගෙයි.

මෙම පනතට අනුව ව්‍යාජ ප්‍රවෘත්තියක් යන්න අර්ථ දක්වා ඇත්තේ පුවත්, තොරතුරු, දත්ත හෝ වාර්තාවක් හෝ මේ සියල්ලම හෝ එහි කොටසක් ව්‍යාජ වන්නේ නම් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *