ග්ලයිෆොසෙට් තහනම ගැන තීරණයක් ගැනීමට කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – ග්ලයිෆොසෙට් තහනම සම්බන්ධයෙන් වන තීරණයක් ගැනීම සඳහා වැවිලි, සෞඛ්‍ය, කෘෂිකර්ම හා ගොවි සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ අනුව අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, නවීන් දිසානායක, දුමින්ද දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන් මෙහි නිරීක්ෂකයන් වශයෙන් කටයුතු කිරීමට ද ඊයේ (27) පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුනි.

එමෙන් ම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ වෙතින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙකක් සාකච්ඡාවට ගැනීමේ දී මෙලෙස කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *