නව වන “යොවුන් පුරය” ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – නව වන “යොවුන් පුරය” වැඩසටහන අද (28) සිට නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.

දින පහක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා විසිරී සිටින යෞවන සමාජවල තරුණ තරුණියන් 7000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වේ.

මෙහි සමාරම්භක උත්සවය ව්‍යාපෘති කළමනාකරණ , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

තරුණ තරුණියන්ගේ පෞරුෂ වර්ධනය සඳහා වූ වැඩසටහන් රැසක් මෙවර ද පැවැත්වෙන අතර නායකත්ව වැඩ මුළු, යොවුන් කඳවුරු සහ තරුණ හමුද මේ අතර පැවැත්වේ.

මෙහිදී ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ජාතික සංහිදියාව සහ සම්මුතිවාදය පිළිබඳව අවබෝධයක් ලබන්නටත්, තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධව විදෙස් තරුණ තරුණියන් සමඟ අත්දැකීම් හුවමාරු කරගන්නටත්, අන්‍යනෝන්‍ය අවබෝධය තුළින් සාමුහිකත්වය, සහජීවනය පදනම් කර ගත් විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙන්නටත් යොවුන් පුරය තුළින් හැකියාව හිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =