විශ්වාසභංග ඡන්ද විමසීම ගැන එකඟතාවයක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ගෙන ඇති ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම පෙර පරිදි නම් වශයෙන් සිදුකිරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද (28) පාර්ලිමේන්තුවේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණි.

මෙහිදී විශ්වාසභංගය පිලිබඳ විවාදය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ දී විද්‍යුත් ක්‍රමවේදය භාවිත නොකිරීමට පක්‍ෂ නායකයින් තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *