විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

(කොළඹ, ලංකාපුවත්) –විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(28) පැවැත්වීමට නියමිතය.

පෙරවරු 09.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, කථානායක කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැදවා ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පසුගියදා කථානායක කරු ජයසූරිය මහතාට භාර දෙනු ලැබීය.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදය අප්‍රේල් 04 වනදා පැවැත්වීමට පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *