උසේන් බෝල්ට් පාපන්දුවට පෙම් බඳියි

(කොළඹ, ලංකාපුවත්) –ඔලිම්පික් පදක්කම්ලාභි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් නැවතත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පිවිසෙන බවට පසුගියදා ඉඟි පළ කළේය.

විශිෂ්ට මළල ක්‍රීඩකයෙක් ලෙස සුප්‍රසිද්ධ බෝල්ට් මෙවර ජාත්‍යන්තර පිටියට පිවිසීමට බලාපොරොත්තු වන්නේ පාපන්දු ක්‍රීඩකයකු ලෙසයි.

කෙටිදුර ධාවන ඉසව්වලින් ඔලිම්පික් රන් පදක්කම් 08ක් හිමිකර ගත් උසේන් බෝල්ට් පසුගිය වසරේ ජාත්‍යන්තර මළල ක්‍රීඩා පිටියෙන් සමු ගත්තේය.

පුවත් මවන්නෙක් ලෙස ප්‍රසිද්ධ බෝල්ට් නැවතත් කරලියට පැමිනෙන්නේ පසුගියදා ජර්මන් පාපන්දු ලීගයට ක්‍රීඩා කරන බොරුසියා ඩොර්ට්මන්ඩ් පාපන්දු කණ්ඩායමේ පුහුණු සැසියකට සහභාගි වීමත් සමඟයි.

පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍යෙව්දින් සමග අදහස් දක්වමින් බෝල්ට් පවසා ඇත්තේ තමා ඉදිරියේ දී වෘත්තීයමය පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කිරීම පිළිබද අවධානය යොමු කරන බවයි.

තමාගේ ඉලක්කය ලොව ප්‍රමුඛ පෙලේ පාපන්දු ලීග් තරගාවලියකට සහභාගි වීම බව පවසන බෝල්ට් එය තමා කුඩා කළ සිට දුටු සිහිනයක් බව පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + nineteen =