ජනපති ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ කටයුතු අධීක්ෂණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

විෂය භාර අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළ අතර, අමාත්‍යාංශයේ පසුගිය කි‍්‍රයාකාරකම් සහ ඉදිරි සැළසුම් පිළිබඳව ද විමසා බැලීය.

පසුගිය තෙවසර තුළ අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක කරන ලද ජාතික වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි වසරවලට අදාළ සැලසුම් පිළිබඳ ලිපි ලේඛන ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කෙරිණි.

අනතුරුව අමාත්‍යාංශ පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලයේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =