විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, කීර්තිමත් ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 65 වන වියේ පසුවූ අතර මාළබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

සිය වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ උදාර මෙහෙවරක යෙදුණු ඔහු බලවත් සේ රෝගීව සිටියදී පවා ග්‍රන්ථකරණයේ යෙදුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *