වෙනිසියුලාවේ පොලිස් සිර මැදිරියකින් ගින්නකින් 68ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – වෙනිසියුලාවේ කැරබොබො ප්‍රාන්තයේ වැලන්සියා නගරයේ පිහිටි පොලිස් ස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 68 දෙනෙකු මිය ගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වෙනිසියුලානු බලධාරීන් සදහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊයේ එම පොලිසියේ සිටි සිරකරුවන් විසින් මෙට්ට වලට ගිනි තැබූ පසුව එම ගින්න ආරම්භ වී ඇති බවය.

ගින්න පැතිර යන පුවත වාර්තා වීමෙන් පසු එම ස්ථානයට සිරකරුවන්ගේ ඥාතීන් එක්රැස් වී තිබේ.

ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇතැයි ද සදහන් වේ.

මෙහිදී පොලිස් නිලධාරියෙකුද වෙඩි තබා ඝාතනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *