ATM යන්ත්‍රයෙන් ලැබෙන විකෘති මුදල් නෝට්ටු කැමරාවට පෙන්වා මාරු කරගන්න

(කොළඹ, ලංකාපුවත්) – ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී විකෘති කළ නෝට්ටුවක් ගනුදෙනුකරුවෙකුට ලැබුණහොත් එහි වගකීම පැවරෙන්නේ අදාළ බැංකුවට වන අතර මුදල් ලබා ගැනීමේදී එවැනි නෝට්ටුවක් හසු වුවහොත් කළ යුත්තේ විකෘති කර ඇති හෝ හානියට පත් වී ඇති එම මුදල් නෝට්ටුව ATM යන්ත්‍රයේ සවි කර ඇති කැමරාව වෙත දර්ශනය කර අදාළ බැංකුව වෙත ගෙන ගොස් ඒ වෙනුවට පිරිසිදු නෝට්ටුවක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකරී, දීපා සෙනෙවිරත්න මහත්මිය ඉල්ලා සිටියි.

ජනතාව සතුව ඇති විකෘති කරන ලද මුදල් නෝට්ටු වාණිජ බැංකු වෙත බාරදී ඒ වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා ලබාදී තිබූ කාලය මාර්තු 31 දිනෙන් පසු අවසන් වේ.

මෙවර කුමන හේතුවක් නිසාවත් එම දිනය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − sixteen =