රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එක්වී සාර්ථක ප්‍රාදේශීය සභාවක් හැදුවා – ඇමති කබීර්

(කොළඹ, ලංකාපුවත්) – රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එක්වී සාර්ථක ප්‍රාදේශීය සභාවක් පිහිටුවීමට හැකි වූ බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පාලනය සදහා තේරී පත් වූ මන්ත්‍රී කණ්ඩායම වැඩ භාර ගැනීමෙන් අනතුරවා පසුගියදා මාවනැල්ල පොදු වෙළෙඳ සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි.

එහිදී ජනතාව අමතමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

“දක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමක් පත් කර ගැනීමට ඔබ ලබා දුන් ජනවරමට ස්තුතිවන්ත වෙනවා. මෙම මාවනැල්ල ප්‍රාදේශීය සභාව භාරගෙන තිබෙන්නේ අවුරුදු 15කට පසුවයි. මේ නගරය ක්‍රමවත්ව සංවර්ධනය කළ යුතුයි. ඒ වගේ මෙහි වෙළෙදාමකරන වෙළද සංගම නියෝජිතයන්ට පසුකම් සැලසිය යුතුයි. රටේ තිබෙනව අනෙකුත් වෙළෙඳ නගර හා සමානව මෙම නගරය අපි සංවර්ධනය කර යටිතල පසුකම් දියුණු කළ යුතුයි.“

මාවනැල්ල ප්‍රාෙද්ශීය සභාව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ හොදම ප්‍රාදේශීය සභාව වන බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 13 =