අද සිට ආහාර සෞඛ්‍ය සතියක්

(කොළඹ, ලංකාපුවත්) – ආහාර සෞඛ්‍ය සතියක් අද (02) දිනයේ සිට ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

එළඹෙන අලුත් අවුරුදු සමය නිමිත්තෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී පාරිභෝගික ජනතාවට මුහුණ දීමට සිදුවන විවිධ ගැටළුකාරී තත්ත්වයන් මැඩලීමේ අරමුණ ඇතිව මෙම තීරණයට එළඹ ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටින්නේ මෙම කාලය තුළ දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකිරීමට නියමිතව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *