ගලේවෙල රිය අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල, යටිගල්පොත්ත ප්‍රදේශයේ අද (02) උදෑසන 05.30ට පමණ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සිව් දෙනෙක් බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මියගොස් ඇත්තේ අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8ක දරුවෙක් සහ අවුරුදු 20ක තරුණයෙක් සහ අවුරුදු 42ක කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් බව වාර්තා වේ.

ගලේවෙල පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *