දේශීය ව්‍යාපාර ගොඩනැගීම රජයේ ප්‍රමුඛ කාර්යයක් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ශක්තිමත්ව ලෝකයට මුහුණ දිය හැකි දේශීය ව්‍යාපාර ගොඩනැගීම වත්මන් රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ව්‍යවසාය 2018 අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනයේ අවසන් දිනයේ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) ආරම්භ කෙරුණි.

ඊට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ප්‍රදර්ශනය සංවිධාන කළේය. ප්‍රදර්ශනය දින 3 ක් පුරා පැවැත්වුණි. ඊයේ දිනයේ ආරම්භක අවස්ථාවට අමාත්‍ය සාගල රත්නායක , රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියෙහ. මෙම ප්‍රදර්ශනයට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500 කට අධික පිරිසක් තම නිෂ්පාදන ඉදිරිපත් කර තිබුණා.

ප්‍රදර්ශනය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කියා සිටියේය.

” අපි එකම පරමාර්ථය මේ ව්‍යාපාරවලට අත දෙන එක, මේ ව්‍යාපාර දියුණු කරන එක ,රටේ ශක්තිය කුඩා ව්‍යාපාරිකයන් , මධ්‍යම ව්‍යාපාරිකයන් ,ව්‍යාපාර ගෙනියන්නේ අපි ..වැඩියෙන්ම අපේ බැංකු සම්පත් අපි දෙන්න තියෙන්නේ ඒ ව්‍යාපාරවලට මේ අවුරුද්ද තුළ ,එන අවුරුද්ද තුල වැඩි වැඩියෙන් බැංකු මුදල් ඒ ව්‍යාපාරවලට යොමු කරන්නත් ,බැංකු නොවන මුදල් ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා…අපිට ඕනේ අපේ ශක්තියෙන් ලෝකයට මුණදෙන්න පුළුවන් ව්‍යාපාර ,මේ සමහර ව්‍යාපාරිකයන් ලංකාවේ විතරක් නෙමෙයි ලෝක වෙළෙඳපොළට ගිහිල්ලා තියනවා..අනික් අය අපෙන් ආදාර උපකාර ඉල්ලුවා ලෝක වෙළෙඳපොළට යන්න…මං ඒ ගැන හුඟක් සතුටු වුණා..අපි කැමතියි ඒ අයට උදව් කරන්න…අපට ඕනා වෙලා තියෙන්නේ ලංකාවේ ලෝකයට මූණ දෙන්න පුළුවන් ශක්තිමත් ව්‍යාපාර ආරම්භ කරන්න…මෙතනින් තරුණ තරුණියන් ගණනාවකට රැකියාවල් ලැබෙනවා…තමන්ගේ ව්‍යාපාර ඇති කරනවා..ඒවට උදව් උපකාර කරනවා..එහෙනම් ඒවට ඕන ක්‍රමවේද මීට වඩා පහසුව ලබා දෙන්න අපි ඒ අවුරුද්දේ ක්‍රියා කරනවා..”

මෙවැනි ප්‍රදර්ශනයක් සංවිධාන කිරීම පිළිබඳ ව්‍යවසායකයින් රජයට සිය ප්‍රසාදය පළ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *