ගාල්ලේ දෙදෙනෙකුට මරණ දඩුවම

(කොළඹ, ලංකාපුවත්) – බෝම්බ ප්‍රහාරයක් එල්ල කර කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයකුට සහ කාන්තාවකට බරපතල තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට වැරදිකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරේ.

1999 වසරේ මැයි 31වනදා අහංගම පොලිස් වසමේ වඩුගේගොඩ ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදුව තිබුණි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ගාල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ඊයේ(02) ප්‍රකාශයට පත් කරමින් චූදිතයින් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියම කර ඇත.

චූදිතයින් දෙදෙනාගෙන් එක් අයෙක් අධිකරණය මඟ හැර සිටින අතර ඔහුට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =