යහපාලනයේ බදු පනත ප්‍රගතිශිලී එකක් – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – නව බදු පනතින් බදු ආදායම් පුළුල් කිරිම සඳහා වඩාත් සාධාරණ ක්‍රමයක් ලැබි ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

සංකීර්ණ බදු ක්‍රමය සරළ කරමින් සාමන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අන්දමින් නව ක්‍රමය සකස් කර ඇතැයි ඔහු කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවන දීය.

පනත සකස් කිරිමේදි ව්‍යාපාරිකයින්, සාමන්‍ය ජනතාව ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වල අදහස් ලබාගත් බව කී අමාත්‍යවරයා ඔහුන් ලබාදුන් සංශෝධන සහ යෝජනා මීට ඇතුලත් බවත් ඔහු කියා සිටියේය. විදේශ රැකියවල නිතරවුවන්ගෙන් බදු අයකරණ බවට කෙරෙණ ප්‍රකාශ සම්පුර්ණ අසත්‍ය බව කී අමාත්‍යවරයා වෘත්තිය ව්‍යාපාර සේවාවන් රුපියල් මිලියන 15 දක්වා බද්දෙන් නිදහස් කර ඇති බව සදහන් කළේය.

විශ්‍රාමිකයින්ද නව බදු පනතින් නිදහස් කර තිබේ. 2006 යෝජනාවලට අනුව ඔවුන් බදු පනතට ඇතුලත් කර තිබුණ අතර තමා එය මෙම පනතින් ඉවත් කළ බව ඔහු සඳහන් කළේය.

ඉඩමක් විකිනිමට සියයට 10 ක බදු අයකරන බවට ගෙන යන ප්‍රචාරය අසත්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබීය.

බදු පනතවත් හරි හැටි නොකිය වු අය මේ පිළිබඳ අසත්‍ය ප්‍රචාර ගෙනගොස් දේශපාලනික වාසි ලබගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා කවුරුන් කෙසේ කීවද, මෙම පනත අග්නිදි ආසියාවේ හොඳම බදු පනත බව ඔහු අවධාරණය කරනු ලැබීය. ශ්‍රි ලංකාවේ බදු ආදායම සියයට 18ක් බව සඳහන් කළ අමාත්‍යවරයා, මලයාසියාවේ සෘජු බදු ආදායම සියයට 72 ක් කියා සිටියේය. ඉන්දියාව සියයට 54ක් ද, දකුණු කොරියාව සියයට 54 ක්ද, බංගල්දේශය සියයට 32 ක්, සෘජු බදුවලින් උපයාගනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ඇත්තේ සෘජු බදු අනුපාතය සියයට 18 වන අතර වක්‍ර බදු වන්නේ 82 වැනි ඉහල බදු අනුපාතයකි. එය හතලිහයි, හැට දක්වා ඉහළට ගෙන එමට නව බදු පනතින් අරමුණු කෙරේ.

නව බදු පනත වඩාත් ප්‍රගතිශිලි බදු ආදායම් පනත වන අතර එමගින් මෙතෙක් සංකීර්ණ ක්‍රියාවලියක්ව තිබු සෘජු සහ වක්‍රබදු ආදායම ක්‍රමවත් කිරිම මෙගින් සිදුකර තිබේ.

මෙම පනත පාර්ලිමේන්තුවේ අනුමත කිරිමෙන් පසු ඉකුත් 01වනදා සිට ක්‍රියාත්මකවිම ආරම්භවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =