විදුලි සැර වැදීමෙන් අඹුසැමි යුවලක් මරුට – පුත්‍රයාටත් විදුලි සැර වදියි

(කොළඹ, ලංකාපුවත්) – දඹුල්ල, කිරලැස්ස ප්‍රදේශයේ දී විදුලිසැර වැඳීමෙන් අඹුසැමි යුවළක් ඊයේ(02) රාත්‍රීයේ මියගොස් තිබේ.

ඔවුන් කෙක්කක ආධාරයෙන් ගෙවත්තේ පොල් කැඩීමට යෑමේ දී අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.

එහි දී පොල් ගස අතරින් ගමන් කළ අධිබලැති විදුල් රැහැනක කෙක්ක ගැටී ප්‍රථමයෙන්ම සැමියාට විදුලිසැර වැදී ඇත. ඔහු බේරා ගැනීමට උත්සහ කළ බිරිදට ද විදුලිසර වැදී තිබේ. ඔවුන්ගේ පුත්‍රයා ද එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහුට ද විදුලි සැර වැදී ඇත.

මිය ගියා දෙදෙනා 57 වැනි වියේ පසුවන්නන් වේ.

විදුලිසැර වැදුණු පුතා මේ වන විට බරපතල තත්වයෙන් දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

දඹුල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *