සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකිරීමට රට පුරා පෝෂණ ඒකක

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකිරීමට රට පුරා පෝෂණ ඒකක පිහිටුවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ ජාතික රෝහලේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

කොළඹ ජාතික රෝහලේ පළමු පෝෂණ වෛද්‍ය ඒකකය ආරම්භ කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මෙම ඒකකය විශේෂඥ වෛද්‍යවරුන් 26 දෙනෙකුගෙන් සමන්විතය.

පෝෂණවේදී පශ්චාත් උපාධි පාඨමාලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම පෝෂණ වෛද්‍ය ඒකක වෙත යොමු කිරීමට නියමිතය. සමස්ත ජනතාවගේත් නේවාසික සහ සායන සඳහා සහභාගි වන රෝගීන්ගේත් පෝෂණ මට්ටම ඉහළ නැංවීම මෙම වැඩපිළි‍වෙළේ අරමුණ වේ.

නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව් කේ වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + eleven =