අංගොඩ ලොක්කාගේ ගෝලයා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ලෙස සැලකෙන “චීටි” නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(03) උදෑසන කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

ඇලවලගේ සරත් කුමාර නොහොත් “චීටි” ලෙස හඳුන්වන මෙම අපරාධ කල්ලි සාමාජිකයාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම නිවසේ තිබී ජීව අත් බෝම්බයක්ද සොයාගෙන තිබේ.

මෙම සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවෙකි. මොහු පස් කැපීම රැකියාව ලෙස සිදු කර ඇත. වැඩිදුර විමර්ශන සදහා මොහුව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *