ආර්නෝල්ඩ්ට හදිසි හෘද සැත්කමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ සුපිරි නළු ආර්නෝල්ඩ් ස්වාසනේගර් හෘදයා බාධයක් වැළදීම හේතුවෙන් හදිසි හෘද සැත්කමකට භාජනය කර ඇත.

මේ වන විට ස්වාසනේගර් 70වැනි වියේ පසුවේ.

වීවෘත හෘද සැත්කමක් සදහා ඔහු යොමු කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ස්වාසනේගර් වෛද්‍ය උපදෙස් අනුව මීට පෙර හෘදයේ නාල බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා සූදානම්ව සිට තිබේ.

කෙසේ නමුත් එම සැත්කමට පෙර මෙසේ හදිසි විවෘත හෘද සැත්කමක් සිදු කිරීමට වෛද්‍යවරු පියවර ගෙන ඇති බව වාර්තාවේ.

සැත්කම් සාර්ථක වී ඇති අතර මේවන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද සදහන්ය.

මෙම සැත්කම් ගැන සදහන් කරමින් ආර්නෝල්ඩ් ස්වාසනේගර් සිය ට්විටර් පිටුවේ දක්වා ඇත්තේ, තමන් විශාල නින්දකින් අවදි වුවා වැනි හැගීමක් ඇති බවයි. එසේම ඔහුගේ වෛද්‍ය කන්ඩායමට සහ හෙදියන්ට ද කෘතඥතාව පළ කර තිබේ.

ආර්නෝල්ඩ් ස්වාසනේගර් ‘ටර්මිනේටර්‘ ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසකින් ලොව පුරා ජනතාවගේ ආදරය දිනා ගන්නා ලදි. එසේම ඔහු අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *