ඊජීප්තු ජනාධිපති නැවතත් ජනපති ධූරයට

(කොළඹ, ලංකාපුවත්) – ඊජීප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසී නැවතත් ජනාධිපති ධුරයට පත්ව ඇත. ඔහු දෙවන වර ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳ නිල නිවේදනය ඊයේ (02) නිකුත් කෙරුණි.

ඊජීප්තු ජනාධිපතිවරයා සියයට 97 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජය හිමිකර ගනු ලැබීය. ඊජීප්තුවේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 41 යි දශම 5 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මීට පෙර ඔහු ඊජීප්තු ජනාධිපතිවරයා ලෙස පත්වුණේ 2014 වසරේදීය.

ඊජීප්තු ජනාධිපතිවරයාගේ පත්වීම වෙනුවෙන් කයිරෝ නුවරට රැස්වූ ජනතාව ප්‍රීතිඝෝෂා පැවත්වා ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *