09 වන යොවුන් පුරයේ සමස්ථ ශූරතාව ගම්පහට

(කොළඹ, ලංකාපුවත්) – 09 වන යොවුන් පුරය වැඩසටහන පෙරේදා (01) නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමියේ දී නිමාවිය.

මෙහිදී සමස්ථ ශූරතාවය හා හොඳම දිස්ත්‍රික්කය වශයෙන් යන කාණ්ඩ දෙඅංශයෙන්ම මෙවර ජයග්‍රහණය හිමිවූයේ ගම්පහ දිස්ත්‍රික්කයටය. එහි දෙවන ස්ථානය කුරුනෑගල දිස්ත්‍රික්කයටත්, තෙවන ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයටත් හිමි විය.

ඊට අදාළ ජය සංකේත හා සහතිකපත් ප්‍රධානය කිරීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *