කැළණිය රජමහ විහාරයේ පෞරාණික භාණ්ඩ සොරා ගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – කැළණිය රජමහ විහාරයේ පෞරාණික භාණ්ඩ සොරා ගැනීමක් සම්බන්ධයෙන් කැළණිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

ඉකුත් 02වන දා මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් කැළණිය රජ මහා විහාරස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිවල සැකකරනු ලබන පුද්ගලයෙකුගේ ඡායාරූප සටහන්ව තිබේ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සදහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ජනතාවට දැනුම් දීමක් සිදු කරයි.

ස්ථානාධිපති දිසා අපරාධ බස්නාහිර පළාත උතුර – 071 – 6868675
කාර්යාලය – 011 – 2947780
ස්ථානාධිපති කැළණිය – 071 – 8591593
පොලිස් ස්ථානය කැළණිය – 011 – 2914666

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − four =