පළමු වාරයේ පාසල් නිවාඩුව 06වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය 2018 අප්‍රේල් මස 06 වැනි සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 23 වන සඳුදා දිනයේ දී ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2018 අප්‍රේල් 11 වන බදාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 18 වන බදාදා දිනයේ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *