යුටියුබ් මුලස්ථානයේ වෙඩි තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ, කැලිෆෝනියා හි පිහිටි යුටියුබ් මුලස්ථානයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අද උදැසන සිදුවූ මෙම සිදුවීමෙන් තුවක්කුකරු බවට සැකකෙරෙන කාන්තාව මිය ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බව සැන් බෘනෝ පොලිසිය සදහන් කර තිබේ.

අමෙරිකාවේ ගුගල් සමාගම විසින් හිමිකාරිත්වය දරන යුටියුබ් ප්‍රධාන කාර්යාලයේ මෙම වෙඩි තැබීමේ සිදුවීම වන අවස්ථාවේ සේවකයින් 3000 කට වැඩි පිරිසක් සිට ඇතැයි වාර්තා වේ.

මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමග යුටියුබ් ආයතයේ සේවකයින් අසල පිහිටි ගොඩනැගිලි කරා දිවගොස් සැගවී තිබෙන අතර තවත් තුවක්කරුවන් ඇත්ද යන්න පිලිබදව සොයා ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *