විශ්වාසභංග යෝජනා විවාදය පෙරවරු 9.30 සිට

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (04) විවාදයට ගැනේ.

උදෑසන 9.30ට ආරම්භ වන විවාදය රාත්‍රී 9.30 දක්වා පැවැත්වේ.

රාත්‍රි 9.30ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් සැකසූ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පසුගිය 16 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දුන්හ.

ඊට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 55කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *