විදෙස් ගතවන ලාංකිකයන්ට ලිපි ලේඛනවල සත්‍යතාව ක්ෂණිකව පරික්ෂා කරගැනීමේ ක්‍රියාවලියක්

(කොළඹ, ලංකාපුවත්) – විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන, ලේඛණ සත්‍යාපනය (සත්‍ය පිටපත් බවට තහවුරු කිරිම) කිරිමේ ක්‍රියාවලියේ නියමු ව්‍යාපෘතිය අප්‍රේල් මස 05 වන දින පෙ.ව 10 ට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ප්‍රධාන ශ්‍රවාණාගාරයේ දි පැවැත්වේ.

විදෙස් ගත වන ලාංකිකයන්ට විදේශ කටයතු අමාත්‍යාංශය වෙතින් අනිවාර්යයෙන් ලබා ගත යතු ලිපි ලේඛනයන්හි සත්‍යතාව පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් මඟින් වඩාත් පහසුවෙන් සහ ක්ෂණිකව සිදු කර ගැනිම මෙම ක්‍රියාවලිය යටතේ සිදුවේ. උප්පැන්න සහතිකය හෝ ග්‍රාම නිලධාරී සහතිකය යනාදි ලේඛණ තහවුරු කොට කොළඹ පිහිටි විදේශ කටයුතුඅමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයට යාමට මින් පසු අවශ්‍ය නොවන අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින්ම විදේශ ගත විමට අවශ්‍ය ලිපි ලේඛණ ලබා ගැනිමේ ක්‍රමවේදයක් මේ යටතේ ක්‍රියාත්මක වේ.

මෙමගින් පිට පළාත්හි මහජනතාව වෙත වඩාත් පහසුවෙන් අවම පිරිවැයක් මගින් තම කටයුත්ත කොළඹ ප්‍රෙද්ශයන් වෙත නොගොසින්ම සිදු කර ගැනිමේ පහසු කම සැකසේ.

කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය මගින් මේ සඳහා අනුග්‍රහය දක්වන අතර, මෙම අවස්තාව සඳහා කැනෙඩියානු ශ්‍රි ලංකා මහකොමසාරිස්තුමන් ප්‍රමුඛ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තුමන් දෙපළද එකඟතා ගිවිසුමකට අත්සන් කිරිමද එදිනම සිදුවේ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂනික උපකරණ, සංක්‍රමාණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මගින් උපකරණ ප්‍රදානය කිරිමද එදිනම සිදුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *