කොස්ගොඩ වෙඩි තැබීමකින් ජර්මන් ජාතිකයෙක් රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) –කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ හොටලයක් ඉදිරිපිට දි මෝටර් රථයකට වෙඩි තැබිමකින් රථය තුළ සිටි ජර්මන් ජාතිකයකුට වෙඩි වැදිමෙන් බරපතල තුවාල සිදුව ඇත.

ඔහු මේවන විට කළුතර නාගොඩ රොහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව කොස්ගොඩ පොලිසිය පැවසීය.

ඊයේ(04) රාත්‍රි 9ට පමණ වෙඩි තැබිම සිදුකර ඇත.

ඉදුරුවේ පදිංචි පුදුගලයකු තමාගේ හවුල් ව්‍යපාරික ජර්මන් ජාතිකයා සමඟ ⁣හෝටලයකින් රාත්‍රි ආහර ගෙන තමාගේ ⁣ඉදිකරනු ලබන හෝටලය වෙත ගමන්කර මෝටර් රථ⁣ය නවත්තනවාත් සමඟ යතුරු පැදියකින් පැමිණි දෙ⁣දෙනෙකු ටී56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බව විමර්ශන සිදු කරන කොස්ගොඩ පොලීසිය පැවසිය.

හෝටල් හිමියාටද සුළු තුවාල සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 1 =