ඩිජිටල් ලෝකයේ මානව සම්පත්පෙරළියට IPM Sri Lanka සුදානම්

(කොළඹ, ලංකාපුවත්) – ‘ඩිජිටල් ලෝකයේ මානව සම්පත් පරිවර්තනය’යන තේමාව පෙරදැරි කරගෙන කාලින අවශ්‍යතාවක් ලෙස 2018 ජාතික මානව සම්පත්ස මුළුව (NHRC 2018),ජූනි 6 සහ 7 යන දෙදින තුල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුලදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම්කර ඇති බව ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනය (IPM Sri Lanka) පවසයි.

1,000 කට අධික දේශීය සහ විදේශීය සහභාගිත්වයක් අපේක්ෂාකරන දකුණුආසියාවේ විශාලතම මානව සම්පත් සම්මේලනයවන මෙම සමුළුව, IPM ආයතනය මගින් සංවිධානය කරන අතර, මෙවර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගිවීමට නියමිතය.

සමුළුවේ ප්‍රධාන දේශනය ශ්‍රීලංකාවේ සහ මාලදිවයිනේ HSBCහී ප්‍රධාන විධායක නිළධාරිතුමන්වන මාක්ජි. ප්‍රෝතෙරෝ මහතා විසින් පවත්වනු ලැබේ.

සමුළුවේ විවිධ තාක්ෂණික සැසිවාරයන්හිදී විශේෂදේශනා කිහිපයක් ආචාර්‍යය කසුඔයනෝ (ඩිජිටල්කරණය තුලින් ව්‍යාපාරික ස්ථානයේ සන්තුෂ්ටිය), ආචාර්‍යය ධනුෂ්ක බොල්ලෑගල (ඩිජිටල් යුගයක් තුල මානවසම්පත්හීපෙරළිය), ආචාර්‍යය ඩි. ප්‍රසාන්ත්නයීර් (කෘතිම බුද්ධිය තුලින් මානව සම්පත් උත්තේජනය කිරීම) සහක්ලව්ඩියා කඩේනා (ඩිජිටල් සේවා ස්ථානයක් තුල මානව සම්පත් පෙළගැස්වීම සහ ප්‍රබෝධමත් කරවීම) යන මහත්ම මහත්මීන් විසින් සිදුකරනු ලබයි.

“ඩිජිටල්කරණයවන ලෝකය මානව සම්පත්හී අනාගතය”යන මාතෘකාව යටතේ සමුළුවේ පළමු සාකච්ඡා වටය ජයන්ත ජයරත්න මහතාගේ මුලිකත්වයෙන් පවත්වනු ලබයි.

ජාතික මානව සම්පත් සමුළුවට සමගාමීව, ශ්‍රීලාංකිකයන් අතර අතිශයින් ජනප්‍රියවූ ජාතික මානවසම්පත් ප්‍රදර්ශනය, විශිෂ්ට මානව සම්පත් පරිචිතයන්, විශිෂ්ට මානව සම්පත් සම්මාන උළෙල සහ විශිෂ්ට මානව සම්පත් විවාදය යන වැඩසටහන්ද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුලදී 2018 ජූනි 6 සහ 7 දිනයන්හිදී පැවැත්වේ.

තරුණ පරම්පරාවට මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම කියාදීමේ අරමුණින්‘ මොළකරුවන්ගේ සටන’ නමින් සංවිධානය කෙරුණු අන්තර් පාසල් විවාද තරඟාවලියේ අවසන් මහාතරඟය, 2018 අප්‍රේල් 3 වනදින කොළඹ ආනන්ද විදුහලේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *