මැතිවරණ පනතේ වෙනසක් සිදුවිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත වහාම සංශෝධනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, පවතින පළාත් පාලන පනතට අනුව ජන මතය පිළිනොගන්නා තත්ත්වයක් උද්ගතව ඇති බව ය.

ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානීන් අතර අද (06) සිදුවූ හමුවීමේදී එතුමන් මේ බව පැවසීය.

මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පක්ෂ සමග විරුද්ධ පක්ෂ එක්වීම හරහා ජන මතයට නිසි වටිනාකමක් නොලැබෙන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.

එසේම පුළුල් කැබිනට් සංශෝධනයක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා එක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *