සෞදි අරාබියේ දී මෝටර්රථයකින් පැන සියදිවි නසා ගැනීමට තැත්කළ ලාංකික කාන්තාවක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සෞදි අරාබියේ වසර දහයකට වැඩි කාලයක් ගෘහ සේවිකාවක ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ දී සාජා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට කලීජ් ටයිම්ස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත.

අදාළ කාන්තාව 47 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බව වාර්තා වේ.

අදාළ කාන්තාව ඇය රැදී සිටි නිවසින් පිටව යන අවස්ථාවකදී ගමන් කරමින් සිටි මෝටර් රථයෙන් පිටතට පැන තිබේ. එහිදී තුවාල ලබා ඇති කාන්තාව කඩිනමින් රෝහල් ගත කිරීමට ද අදාළ රියදුරු පියවර ගෙන ඇති බව සදහන්ය. රථය පදවමින් සිට ඇත්තේ පකිස්තානු ජාතික රියදුරෙකි.

කෙසේ නමුත් අදාළ කාන්තාව පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ නියමිත ස්ථානයේ රථය රියදුරා විසින් නතර නොකිරීම හේතුවෙන් තමන් මෙලෙස රථයෙන් ඉවතට පැන්න බවය. එසේ නොමැතිව සිය දිවි හානි කර ගැනීමේ අරමුණක් තමන්ට නොතිබුණු බවද ඇය සදහන් කර තිබේ.

මෙම සිද්ධියේ දී සියදිවි නසාගැනීමේ උත්සාහයක් තිබේද යන්න නිශ්චය කර ගැනීම සදහා අදාළ කාන්තාව සේවය කළ නිවසේ ගෘහමූලිකයාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − nine =