හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය හා සම්බන්ධයෙන් එවකට යුද හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

අමල් කරුණාසේකර අත්අඩංගුවට ගැනීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ බව පොලිස් නිවේදනයේ සඳහන් වේ. මෙම අත්අඩංගුවට ගැනිම සිදුව ඇත්තේ ඔහු යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය 2008 වසරේ මැයි මස 22 වැනිදා සිදුව ඇත.

අමල් කරුණාසේකර මහතා මේ වන විට ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක ලෙස කටයුතු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − nine =