1974 වසරේදී බොරැල්ල කනත්තේ වැලලී සිටින චීනයේ ප්‍රවීණතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණිය

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ සාම්ප්‍රදායික සොහොන් පිරිසිඳු කිරීමේ දිනය එළඹීමත් සමග ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මිය ගිය චීන රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් සිහිපත් කරයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Cheng Xueyuan මහතා ප්‍රමුඛ තනාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය බොරැල්ල කනත්තට ගොස් ශ්‍රී ලංකාවේදී මිය ගිය චීනයේ ප්‍රවීණතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියක වන Chen Yimi මහත්මිය සිහිපත් කරමින් පුෂ්පෝපහාර දක්වා ඇත.

මව්රටේ සෞභාග්‍යය, ජනතාවගේ සතුට හා චීනය හා ශ්‍රී ලංකාව අතර සුහද සබඳතා ආදී පරපුරේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්ගේ වෑයම් හා සමීප ව සම්බන්ධ වී ඇති බව චීන තානාපතිවරයා එම අවස්ථාවේදී සිහිපත් කළේ ය.

කීර්තිමත් සාම්ප්‍රදායන් ඉදිරියට පවත්වා සිය රාජකාරී මැනවින් සිදු කරමින් මව්රටේ රාජ්‍ය තාන්ත්‍රික ව්‍යායාම වෙනුවෙන් උපරිම අන්දමින් දායකත්වය ලබා දීමේ වැදගත්කමද චීන තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

Chen Yimi මහත්මිය නව චීනය පිහිටුවීමෙන් පසු පත් කෙරුණු ප්‍රථම කාන්තා රාජ්‍ය තාන්ත්‍රික නිළධාරිණියන් අතරින් අයෙකි. පසුගිය සියවසේ පනහ දශකයේ සිට හැත්තෑව දශකය දක්වා ඇය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ 2 වතාවක් සේවය කර ඇත. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීම හා වර්ධනය කිරීමට ඇය විශාල දායකත්වයක් ලබා දී තිබේ.

1974 වසරේ දෙසැම්බර් මස ඇය මියයන විට 46වන වියේ පසු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − seven =