අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පෙරේදා(07) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා ඊයේ(08) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ පැහැදිලි කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා,

” ඊයේ රාත්‍රියේ ගරු ජනාධිපතිතුමාත් ,අග්‍රමාත්‍යතුමාත් අපි මන්ත්‍රී කණ්ඩායමකුත් රැස්වෙනු ලැබුවා…ගරු ජනාධිපතිතුමාත් ,අග්‍රමාත්‍යතුමාත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් කරන්න එකඟතාවය පළ කළා..විශ්වාසභංග යෝජනාව සඳහා පක්ෂව ඡන්දය දුන් අය මෙම ඇබින්ට් මණ්ඩලයේ සිටීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට බරපතළ ප්‍රශ්නයක් තිබෙන බවත්,ජනාධිපතිතුමා අපිට කිව්වා සඳුදා මධ්‍යම කාරක සබාව රැස්වුණාම ඒ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන ඒ තීරණය දෙන්නම් කියලා…”

එක්සත් ජාතික පක්ෂයේ සිදුවන නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළේය.

” එක්සත් ජාතික පක්ෂයේ නිළධාරි මණ්ඩලය දීර්ඝ කරලා තියෙන්නේ අප්‍රේල් 31 වෙනිදා දක්වා පමණයි …මැයි පළවෙනිදා ඉදලා අව නිළධාරි මණ්ඩලයක් පත් කිරීමට නියමිතයි ..පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රහස් ඡන්දයෙන් පත් කරගත්ත උපදේශක මණ්ඩලය ආපහු මන්ත්‍රීවරුන් හම්බෙන්නෑ …මන්ත්‍රීවරුන්ට බලය දෙන්න තමයි ඒ උපදේශන මණ්ඩලයේ 10 දෙනා පත් කර ගත්තේ ඒ දහදෙනා රැස් වෙලා තමයි ඊට පස්සේ මේ සියළුම ප්‍රධාන නතනතුරු වලට පත් කරගන්න තීන්දු තීරණ ගනු ලබන්නේ..පක්ෂ නායක තුමා මේ ඉලීමට එකඟවුණා පමණක් නොවේ මේ ඉල්ලීමේදී පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට පමණක් ඡන්දය දෙන්න අවස්ථාව දෙන්න කියලා කෘත්‍යාධීකාරී මණ්ඩලයට ඡන්දය දෙන්න දුන්නේ නෑ..විශේෂයෙන්ම පක්ෂයේ යම් කෙනෙක් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වන්නේ නම් ඔහු පක්ෂ නායකයා විය යුතුයි කියලා පක්ෂයේ වගන්තියක් තියනවා…ඒ අනුව පක්ෂ නායකත්වය දිගටම සිටිය යුතු බවටත් යෝජනා වුණා..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *