ගම දියුණු කිරීමට තරුණ පරපුර අගමැතිගෙන් ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) – අප බාර ගත්තේ ණය බරින් පීඩාවට පත් රටක් බවත් එම නිසා පළමු වසර දෙක තුනේ දී මුදල් යෙදවීමට නොහැකි වුණූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දැන් අප සංවර්ධනය සඳහා මුදල් යොදවා තිබෙන බවත් ගම දියුණු කිරීම සඳහා තරුණ පරපුර අප සමග එකතු විය යුතු බවත් ඔහු කියා සිටියේය.

ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක ‘‘යූත් විත් ටැලන්ට් – ගමට කෝටියක් 2017 තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන වැඩසටහනේ” ජයග්‍රාහකයින් ඇගයීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමංසිහ මහතා එක් වෙමින් මේ බව පැවසීය.

එහිදී අගමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

“තම ගමට රුපියල් කෝටියක පමණ සේවාවක් කළ තරුණ නායක නායිකාවන් අද මෙම අවස්ථාවට සහභාගි වෙනවා. එම නිසා පළමුවෙන්ම ඔබ සැමට ප්‍රශංසාව පළ කළ යුතුයි. ඔබගේ ඥානය, ශ්‍රමය, යොදවා අප ලබාදුන් රුපියල් කෝටි 45 ක මුදලින් ඔබ මුලූ රටටම රුපියල් කෝටි 100 කට වඩා වැඩි වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒ ද්රකව්ය4මය වටිනාකම පමණක් බව කිව යුතුයි. අප ඊට ශ්‍රමයේ වටිනාකම එකතු කොට නැහැ. එමෙන්ම තාක්‍ෂණික දැනුම ආදිය ද එකතු කළහොත් ඊටත් වඩා වැඩි වටිනාකමක් සහිත ඉදිකිරීමක් ඔබ විසින් ගමට ලබා දී තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ හරහා ඔබ, ඔබේ ගමට දියුණුවක් ලබා දී තිබෙනවා. එවැනි විශාල කර්ත්‍ව්‍යයකයක් සිදු කිරීමට හැකි වූයේ ඔබ වැනි තරුණ නායකයන් ගම දියුණු කළ යුතු යැයි තීරණය කළ නිසා බව කිව යුතුයි. රටේ තරුණ කණ්ඩායම් 3000 ක් මෙවැනි සත්කාරක සේවාවන්වලට සහභාගි වුණා. එම සියලූ දෙනා මෙහි කැඳවීමට හැකියාවක් නැහැ. එම සියලූ දෙනාගෙන් ගමට සේවයක් වි තිබෙනවා.

එදා තරුණ සේවා සභාව විසින් මෙම සත්කාරක වැඩසටහන ආරම්භ කළා. පසුගිය වසරේ පළමු ස්ථානය ලැබූ හිනිදුම ප්රනදේශයේ පාලමක් බලන්නට මා ගියා. පාලම විවෘත කොට මාස දෙකක් ගත වීමට පෙර ගංවතුර පැමිණියා. එම ගංවතුරෙන් පාලමට හානියක් සිදු වී ඇතිදැයි මා විපරම් කර බැලූවා. සෙසු පාලම් කැඩී ගොස් තිබුණත් තරුණ තරුණියන්ගේ මූලිකත්වයෙන් සැකසූ ව්යාවපෘතියක් මගින් ඉදි කළ මෙම පාලමට කිසිඳු හානියක් සිදු වී නැති බව මට දැනගන්නට ලැබුණා. එවැනි ශක්තිමත් වැඩසටහනක් ඔබ විසින් ක්රිකයාත්මක කළ යුතුයි.

මෙම කාර්යයෙන් සිදු වන්නේ ඉදිකිරීම් කටයුත්තක් පමණක් නොවෙයි. ගම, තරුණ පරපුර සමඟ බැඳීමක් ඇති කර ගන්නවා. එසේ නම් අප ගම දියුණු කරන වැඩසටහන තරුණයන්ට ලබා දී තිබෙනවා. ඉන් පසුව අප රට දියුණු කළ යුතුයි. රටේ ආර්ථිකය කණපිට හැරවිය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙදාම වැඩි කළ යුතුව තිබෙනවා. ආයෝජන වැඩි කළ යුතුයි. “

මෙම උත්සවය සඳහා ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅගෙ යන මහත්වරු ඇතුලූ දිවයින පුරා යෞවන සමාජවල තරුණ තරුණියෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *