නකල්ස් ගිය 07ක් අතුරුදන්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර, නකල්ස් කදු වැටිය තරණය කිරීඹට ගිය ඇති පුද්ගලයින් 07 දෙනෙකු අතුරුදන් වී ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව පන්විල පොලිසිය විමර්නශයක් ආරම්භ කර ඇත.

පසුගිය සිකුරාදා (06) මෙම පිරිස මහනුවරට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙසේ අතුරුදන්ව ඇතිව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඊයේ (08) උදෑසන අතුරුදන් වුවන් විසින් ඔවුන්ගේ නිවෙස්වලට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, එහිදී ඔවුන් අතරමං වී ඇති බව පවසා තිබේ.

ඉන්පසුව ඔවුන්ගේ දුරකථන විසන්ධි වී ඇති අතර නැවත ඔවුන් සමඟ සම්බන්ධතාවය පවත්වා ගැනීමට නොහැකි වී ඇත.

මොවුන් සොයා ගැනීම සදහා පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ලොස් ඇති අතර, රංගල, උඩුදුම්බර, ලග්ගල සහ රත්තොට පොලිස් ස්ථාන ද ඒකව අතරමං වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 10 =