ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමට හැකි අවස්ථාවක් ලැබී තිබේ.

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග හෙට (10) පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයට රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (08) විදුලි ආලෝකය යටතේ පුහුණුවීම් වල නිරත විය. එම පුහුණුවීම් නිරීක්ෂණයට තේරීම් කම්ටු නිලධාරීන් සහ පුහුණුකරුවන්ද සහභාගීව සිටියහ.

කෙසේ වෙතත් ඊයේ දිනයේ කඩින් කඩ වැසි ඇද වැටුනි.

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින තරග පහෙන් තරග දෙකක් ජයගතහොත් ශ්‍රී ලංකාවට එලඹෙන ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමට හැකිවේ.

එහෙත් කිසිදු තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකිවුවහොත් 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සිදුසුකම් ලැබීමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට එක්වීමටයි සිදුවනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල අටවන ස්ථානයේ පසුවේ. ඉන්දියාව එහි තුන්වන තැන සිටි. පළමු ස්ථානය හිමිව ඇත්තේ දකුණු අප්‍රිකාවට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *