අකුණු සැර වැදී නිවසකට හානි – 5කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – කොත්මලේ – වෙදමුල්ලවත්ත, රම්බොඩ ප්‍රදේශයේ අකුණු සැර වැදීම හේතුවෙන් නිවසකට හානි සිදුව. තවත් පුද්ගලයින් 5‍ ‍දෙනෙකුට තුවාල ලබා ඇත.

ඊයේ(09) සවස 5.45ට පමණ මෙය සිදුව තිබේ.

අකුණු සැර වැදීමෙන් ගසක අතු කඩා වැටී නිවසට හානි සිදුව ඇත.

එම අවස්ථාවේ දී ඇති වු කම්පනය හා සුළු තුවාල නිසා නිවසේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු කොත්මලේ ‍රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව ද පොලීසිය වැඩිදුරටත් පවසයි.

තුවාලකරුවන් වයස අවුරුදු 29,07,12,09 හා 07 යන වයස්වල පිරිමි පුද්ගලයෙක් හා ගැහැණු 4 ක් වන බව පොලීසිය සඳහන් කළේය.

කොත්ම‍ලේ පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + eight =